ආනයනික පලතුරු බද්ධත් නොසිතූ ලෙස ඉහලට...යෝගට්, චීස් ද ඉහලට...

Gagana news Imported fruits
By Subodha Mar 17, 2022 07:35 AM GMT
Subodha

Subodha

Report

ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහල නංවා තිබෙනවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම බදු ඉහළ නැංවීම ඉදිරි මාස 6ක් සඳහා බලපැවැත්වෙන බවයි.

නව බදු ඉහළ යෑමත් සමග ආනයනික යෝගට්, ඇපල්, මිදි, චීස් ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යෑමට නියමිතයි රජයේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙලෙස බදු ඉහළ නැංවීම සිදු කර තිබෙනවා.

ඊට අනුව ඇපල් කිලෝ ග්‍රෑමයක බදු රුපියල් 200කින් ඉහළ යන අතර මිදි කිලෝග්‍රෑමයක බද්ද රුපියල් 100කින් ඉහළ යනවා.

දොඩම් කිලෝ ග්‍රෑමයක් සදහා බදු ඉහළ යෑම රුපියල් 75ක්.

දෙළුම් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 100කින් විශේෂ වෙලෙද භාණ්ඩ බද්ද වැඩි කොට තිබෙනවා.

යෝගට් කිලෝ ග්‍රෑම 1ක් සඳහා වැඩිවන බද්ද රුපියල් 200ක්.

මීට අමතරව චීස් සදහා ප්‍රකාශයට පත්කර ඇති නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 400ක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now