දක්ෂිණ අධිවේගයේ අනතුරකින් අයෙකු මියයයි...දෙදෙනෙකු තුවාල...
Southern Expressway
Gagana News
Sri lankan accident
By Subodha
දක්ෂිණ අධිවේගි මාර්ගයේ හා දොඩංගොඩ හුවමාරුව අතර 29 වන කිලෝමිටර් කණුව අසලදි මෝටර් රථයක් හා ලොරි රථයක් ගැටි අනතුරක් සිදු වුණා .
මෙම අනතුරින් අක්මීමන පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
මාතර දෙසට ධාවනය වූ මෝටර් රථය ඊට ඉදිරියෙන් ගමන් කළ සිමෙන්ති පටවාගත් ලොරි රථයක් පසුකර යාමට උත්සාහ කිරීමෙන් එහි ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.
අපරික්ෂාකරී රිය ධාවනය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |