ඔබටත් ගෑස් ප්‍රශ්ණ ද..? එසේනම් මෙන්න විසදුමක් ලැබෙන ලකුණු...
ගෑස් තොග රැගෙන දිවයිනට ළඟා වූ නෞකා තුනෙන් එක් නෞකාවක් සඳහා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අදාළ නෞකාවෙන් ගෑස් නිකුත් කිරීම අද(8) උදෑසන සිට ආරම්භ කිරීමට යි සැලසුම් කර ඇත්තේ.
පසුව අද දිනයේ දී ම ඒවා බෙදා හැරීම ද සිදු කෙරෙනු ඇති.
පසුගිය දා දිවයිනට ළඟා වූ මෙම නෞකා තුන දින කිහිපයක සිට වත්තල - උස්වැටකෙයියාව - තල්දියවත්ත ගෑස් බෝයාවට නුදුරින් නැංගුරම්ලා තිබුණේ එම නෞකා සඳහා ගෙවීම් කටයුතු අවසන් නො වීම හේතුවෙන්.
වෙළෙඳපොළ පවතින ගෑස් හිඟය නිසා බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.
ගෑස් හිඟයත් සමග දිවයින පුරා ප්‍රධාන නගරවල ආපණ ශාලාවලින් 60%ක් වැසී ගොස් ඇති බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
මේ අතර විදුලිබලය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ඊයේ (07) පැවති අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එමෙන්ම යළිත් විදුලි කප්පාදුවකට යාමට කිසිසේත්ම අවශ්‍යතාවක් නැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |