දියේ ගිලීමෙන් අහිමි වූ තවත් ජිවිත දෙකක්...

Police Gagana news Death news
By Subodha Mar 26, 2022 06:02 AM GMT
Subodha

Subodha

Report

දෙහිඕවිට - සීතාවක ගඟේ - යෝගම පාලම අසල දියනෑමට ගොස් සිටි දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ වන්දනා නඩයක තරුණයින් දෙදෙනෙකු මෙලෙස ඊයේ (25) පස්වරුවේ අනතුරට ලක්ව ඇති බවයි.

දිය නාමින් සිටි අදාළ වන්දනා නඩයේ කාන්තාවක දියේ ගිලෙමින් සිටිය දී ඇය බේරාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ මොවුන් දෙදෙනා මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයින් දෙදෙනා රාජගිරිය සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචි අවුරුදු විස්ස සහ විසි එක වයස්වල පසුවන්නන්.

කෙසේ වෙතත් අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ