ආදාහනාගාරයේදී සේවකයන් දෙදෙනෙකුගේ සිරුරට ගිණි ඇවිලේ...
Elpitiya
Crematorium
Gagana news
By Subodha
ඇල්පිටිය ආදාහනාගාරයේදී මෘතදේහයකට ගිනි ඇවිළවීමට ගිය තරුණයන් දෙදෙනකුගේ හා ආදාහනාගාර සේවකයකුගේ සිරුරුවලට ගිනි ඇවිළීමෙන් ඔවුන් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (21දා) දහවල් ඇල්පිටිය, රජමහා විහාර මාවතේ පදිංචිකරුවකුගේ මෘත දේහයක් ඇල්පිටිය ආදාහනාගාරය වෙත රැගෙනවිත් ඇති අතර ඒ මොහොතේ එහි විදුලිය විසන්ධි වී ඇති බැවින් එහි සේවකයන්ගේ උපදෙස් පරිදි කඩදාසියක් දල්වා දේහයට ගිනි දැල්වීමට යෑමේදී මෙසේ ඔවුන්ගේ සිරුරට ගිනි ඇවිළුණු බව එහි සිටි ඥාතීහු පවසති.
තුවාල ලැබූ තරුණයන් දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතළ නැති බවද රෝහල් ආරංචි මාර්ග පැවැසීය. වි
දුලිය ඇති වේලාවට ගිනි තැබීම සිදු කරනුයේ විදුලි බොත්තමක් එබීමෙන් බවද, දහවල් විදුලිය විසන්ධි වී තිබීම නිසා මෙසේ ගිනි තැබීමට කටයුතු කර ඇති බවද එහි සේවකයෙක් පැවැසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |