LTTE සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් සමග ‌ප්‍රධාන පක්ෂයක සභාපතිවරයෙක් කළ දෙයක් මාට්ටු වෙයි..

Kadugannawa Gagana news Chairman of Kadugannawa Urban Council
By Subodha Feb 25, 2022 05:52 AM GMT
Subodha

Subodha

Report

කූට ලේඛන උපයෝගි කරගෙන විදෙස් ගමන් බලපත‍්‍රයක් සකස් කර එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ බිරින්දෑවරු විදෙස් රටවලට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.

නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු නගරාධිපති ලෙස සඳහන් කූට ලේඛනයක් ආගමන විගමන දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කර අදාළ විදේශ ගමන් බලපත‍්‍රය සකස් කරගෙන තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබිණි.

මෙම කූට ලේඛනය සකස් කිරීම සඳහා ඔහුට සහාය ලබාදීම හේතුවෙන් නගර සභාවේ එවකට සිටි ලේකම්වරිය මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා වෙනත් ආයතනයකට මාරු කරනු ලැබූයේ ඉකුත් 2021 වසරේ මැයි මාසයේදී ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now