ස්ථාන රැසක ආරක්ෂාව තර කෙරේ...

Gagana news Retired Rear Admiral Dr. Sarath Weerasekera Minister of Public Defense
By Subodha Apr 02, 2022 03:07 AM GMT
Subodha

Subodha

Report

ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව ස්ථාන රැසක ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා පැවසුවේ, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බවයි.

ව්‍යවස්ථානුකුලව මහජනතාවට සාමකාමිව සිය විරෝධය පල කිරීමට ඇති අයිතියට ගරු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ‍රජයේ දේපොළ සහ පොදු දේපොළවලට හානිවන ආකාරයට ක්‍රියා කරන්නේ නම්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා පැවසුවේ ය.