ඇන්තූරියම් මල් පැළ රැගෙන ආ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට...

Bangkok Katunayake International Airport Gagana news Anthurium flowering plants
By Subodha Mar 08, 2022 09:01 AM GMT
Subodha

Subodha

Report

නීතිවිරෝධී ලෙස රුපියල් කෝටියක් පමණ වටිනා ඇන්තූරියම් මල් පැළ 400ක් මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 405 දරණ යානයෙන් මොවුන් ඊයේ පස්වරු 4ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව සදහන්.

එහි දී ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කළ රේගුව එහි මළු 4ක තිබී ඇන්තූරියම් පඳුරු 400ක් සිය භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් එම මල් ව්‍යාපාරිකයින් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා ශාඛ නිරෝධායන ආයතන නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now