කෝලි 100 ඇරඹිමට පිත්ත අතට ගනී...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගවලියේ පළමු තරගය අද (04) මොහාලි හිදී ආරම්භ වුණා.
ඒ අනුව කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුව පිත්ත අතට ගැනීමටයි.
අද තරගය ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කොලිගේ 100 වන ජාත්‍යනතර ටෙස්ට් තරගය ලෙස වාර්තා අතරට එක්වීම විශේෂත්වයක්.
දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, චරිත් අසලංක, ධනංජය ද සිල්වා (උප නායක),ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්ල, සිත් ඇඹුල්දෙණිය, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමයි.
අද තරගයට එක්වන ඉන්දීය කණ්ඩායම වන්නේ, මයාන්ක් අග්‍රවාල්, රෝහිත් ශර්මා (නායක), හනුමා විහාරි, විරාට් කෝලි, ශ්‍රෙයාස් අයියර්, රිශාබ් පාන්ට්, රවීන්ද්‍ර ජඩේජා,රවිචන්ද්‍රන් අශ්වින්, මොහොමඩ් ෂාමි, ජස්ප්‍රිට් බුම්රා, ජයන්ත් යාදෙව්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන 300 වැනි ටෙස්ට් තරගය මෙය වීම විශේෂත්වයකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
