කොහුවලදී වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා ජීවිතක්ෂයට

Report

 කොහුවල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව පසුගිය 22වනදා නුගේගොඩ මංසන්දිය සහ කොහුවල මංසන්ධිය අතර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. මෙ

ම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

ඒ වගේම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ රාත්‍රීයේ මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 26 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි .

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා තව දුරටත්  විමර්ශන සිදු කරනු ලබයි.

දරුවව තමන්ගෙන් වෙන් කරායැයි ඇගට ගිනි තියාගෙන

දරුවව තමන්ගෙන් වෙන් කරායැයි ඇගට ගිනි තියාගෙන

හිටපු ඇමති රොෂාන් රණසිංහ අල්ලස් කොමිසමට

හිටපු ඇමති රොෂාන් රණසිංහ අල්ලස් කොමිසමට