බීමත් රියදුරන්ට එරෙහි මෙහෙයුම් දැඩි කෙරේ

Report

නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ මාර්ග අනතුරු වැළැක්වීම සඳහා බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩි කර තිබේ.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මෙම කාලය තුළ බීමත්ව වාහන ධාවනය කිරීමේ සිදුවීම් වැඩි වීමේ අවදානමක් පවතින බැවින් පොලිස් කොට්ඨාසවල රථවාහන නිලධාරීන්ට මෙම මෙහෙයුම් තීව්‍ර කරන ලෙස දැනුම්දී ඇති බවයි.

නත්තල් සමය සහ නව අවුරුදු ආරම්භය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද ඔහු අවධාරණය කළේය.

මාධ්‍ය නිදහස මර්දනය කිරීම ගැන ජනපතිට ලිපියක්

මාධ්‍ය නිදහස මර්දනය කිරීම ගැන ජනපතිට ලිපියක්

මහනුවරේ බෝම්බ පිපුරුනාද? - පොලිසියෙන් නිල නිවේදනයක්

මහනුවරේ බෝම්බ පිපුරුනාද? - පොලිසියෙන් නිල නිවේදනයක්