මගීන් 200කට ආසන්න පිරිසක් - හදිසියේම ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාරයක් අවලංගු වෙයි.. අනිකුත් ගුවන් ගමන් වාර?..

SriLankan Airlines Sri Lanka
By krishani Oct 01, 2023 11:28 AM GMT
krishani

krishani

Report

අද (01) පෙරවරු 8.20ට පමණ ගමන් කිරීමට සැළසුම් කර තිබූ ගුවන් ගමනක් අවලංගු කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ ශ්‍රී ලංකන් ගුවන් යානාවක ඇති වූ කාර්මික දෝෂයක් හේතු වී ඇති බව සඳහන් වන්නේ.

එම ගුවන් ගමන් වාරය නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත. 

වාර්තා වන්නේ මෙම යූ.එල්. 181 දරණ ගුවන් යානය මගීන් 200කට ආසන්න පිරිසක් සමඟ කත්මන්ඩු නුවර බලා ගමන් කිරීමට නියමිතව තිබු බවයි.

කෙසේ වෙතත්, ගුවන් මගීන් පිරිසක් උදෑසන 07.15 ට මෙම ගුවන් යානය තුළට නංවා තිබෙන නමුත් මෙම ගුවන් යානය උදෑසන 11.00 වන තෙක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතව නොගිය බව වාර්තා වේ.

ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේ ශ්‍රී ලංකන් යූ.එල්.- 181 දරන ගුවන් ගමන උදෑසන පිටත්වීමට නොහැකි වීම නිසා බොහෝ විට අතහැර දැමීමට සිදු වන බවයි.

ඒ නේපාලයේ භූ විෂමතාව අනුව එය කදුකර රාජ්‍යයක් වන බැවින් සවස් කාළය වනවිට කත්මණ්ඩු නුවර ගුවන් තොටුපොළ මීදුමෙන් වැසී යාමට හැකියාවක් පවතින බැවින් ය.

ReeCha