කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
By Mithu
ICC එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව නිත්‍ය නායිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර ඇත.
ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 2 දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය
1) චමරි අතපත්තු (නායිකාව),
2) හසිනි පෙරේරා,
3) විශ්මි ගුණරත්න,
4) හර්ෂිත සමරවික්‍රම,
5) කවිෂා දිල්හාරි,
6) නිලක්ෂි ද සිල්වා,
7) අනුෂ්කා සංජීවනී (උපනායිකාව),
8) ඉමේෂා දුලානි,
9) දෙව්මි විහංඟා,
10) පියුමි වත්සලා,
11) ඉනෝකා රණවීර,
12) සුගන්දිකා කුමාරි,
13) උදේශිකා ප්‍රබෝධනී,
14) මල්කි මදාරා,
15) අචිනි කුලසූරිය