කෙහෙළියට දුවලට නෝනට බෑනට - පවුල් පිටින් මහාධිකරණයේම නඩු

Report

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහතා විසින් නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට, ඔහුගේ බිරිඳට, දියණියන් තිදෙනාට සහ බෑණාට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 15 වැනිදා යළි කැඳවීමට නියෝග කර ඇත.

නේපාලේ වුණා වගේ මාලිමාවටත් වෙයි ඔයාලගේ ජනාධිපති, අගමැති, ඇමති සෙට් එක පරිස්සම් කරගන්න

නේපාලේ වුණා වගේ මාලිමාවටත් වෙයි ඔයාලගේ ජනාධිපති, අගමැති, ඇමති සෙට් එක පරිස්සම් කරගන්න

ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සහ නීතීඥ කාංචන රත්වත්තේ යන දෙදෙනා විත්තිය වෙනුවෙන් පෙනීසිටි අතර නඩුව කැඳවූ අවස්ථාවේදී නඩුවට අදාළ ඇතැම් ලිපි ලේඛන මෙතෙක් ලැබී නොමැති බව පැවසුවේය.

පසුව විනිසුරුවරිය පැමිණිලි පාර්ශවයෙන් කරුණු විමසූ අතර රජයේ නීතීඥවරයා අධිකරණයට පැවසුවේ අධිචෝදනා පත්‍රය භාරදෙන අවස්ථාවේ සියලුම ලේඛන ගොනුකර තිබූ බවයි.

අම්මෝ මහින්ද මහත්තයා ආයෙත් තරුණ වෙලා - පරණ යාළුවෙක් බලන්න ගිහින්

අම්මෝ මහින්ද මහත්තයා ආයෙත් තරුණ වෙලා - පරණ යාළුවෙක් බලන්න ගිහින්

පසුගිය ජුනි 26 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට, ඔහුගේ බිරිඳට, දියණියන් තිදෙනාට සහ බෑනාණාට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබේ.

හිටපු අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපාවිහේන, ඔහුගේ දියණියන් වන චමිත්‍රි ජානිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලී රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔහුගේ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අයට එරෙහිව මෙම අධිචෝදනා 43 ගොනු කර ඇති අතර 2020 අගෝස්තු 13 සිට 2024 ජූනි 24 දක්වා කාලය තුළ ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධව කටයුතු කරමින් සිටියදී ඔවුන් නීතිවිරෝධී ලෙස ධනය උපයා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකළ බවට චෝදනා එල්ල වේ.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි