රජයෙන් පොලීසියට බෙහෙත්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සහ එම පවුල් වල සාමාජිකයින්ගේ සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන "ආරෝග්‍යා" ජංගම සුව සායන වැඩසටහනේ පළමු වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් අද(10)පැවැත්විණි.
සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" යන තේමාව යටතේ පැවැති මෙම "ආරෝග්‍යා” ජංගම සුව සායනය සඳහා කැලණිය, ගම්පහ, මීගමුව පොලිස් කොට්ඨාස වල පොලිස් ස්ථාන නියෝජනය කරමින් 600 කට අධික කාර්ය මණ්ඩලයක් එක්ව සිටියහ, මෙම ජංගම සායනයෙන් බටහිර වෛද්‍ය සායනය, අක්ෂි සායනය, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, රසායනාගාර සේවා, රුධිර පීඩනය මැනීම, දන්ත සායනය, රුධිර සීනි පරීක්ෂාව, කොලස්ටරෝල් පරීක්ෂාව, ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම, සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම ද සිදු කෙරුණි.
මෙම ජංගම සායනයෙන් හඳුනා ගනු ලබන රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබූ අතර, කොළඹ ජාතික රෝහල, මීගමුව රෝහල ඇතුළු රෝහල්වල විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් ජංගම සායනය පැවැත්විණි.
සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" යන තේමා පාඨය යටතේ මෙරට සියලු ජනතාවට ශාරීරික, මානසික නිරෝගි ජිවිතයක් ගත කිරිමට ප්රශස්ත සෞඛ්‍ය සෙවාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහන අඛණ්ඩව දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවැසීය.