ලංකාවේ කාන්තාවන් ගැන බයානක ආරංචියක්..ඔබත් මේ ගණයට අයිති කෙනෙක්ද බලන්න..
මෙරට කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.
ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බවයි, එහි සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පැවසුවේ.
"අපි මේ ස්ථුලතාවය කියන කාරණය අමතක කරලා තියෙන්නේ. හැම වෙලාවෙම අපි මන්දපෝෂණය ගැන තමයි අවධානය යොමු කරන්නේ.
නමුත් ළමා ස්ථූලතාවයත් වැඩිවීගෙන යනවා. කාන්තාවන්ගෙන් 50කට ආසන්න ප්‍රමාණයක් අධි බර සහ ස්ථුලතාවය.
අලුත් පර්යේෂණ දත්ත පද්ධතියක් ලංකාවට අවශ්‍යයි."
මේ වන විට මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බව වෛද්‍ය තිමති වික්‍රමසේකර වැඩිදුරටත් සදහන් කළා.