ශ්‍රී ලංකාවේ කාන්කාවන් ගැන ඇසෙන ඇඟ හිරිවැටෙන කතාවක්..දැඩි විමසිල්ගෙන් සිටින්න..

Sri Lanka Women
By Aruna Mar 30, 2022 08:05 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම සිය ජීවිත කාලය තුළදී තම සහකරුවාගෙන් ශාරීරිකව හෝ ලිංගිකව හිංසනයට ලක්ව ඇතැයි මෑතදී සිදුකළ සමීක්‍ෂණයක් මගින් හෙළි වී තිබෙනවා.

තම ස්වාමිපුරුෂයා, එකට ජීවත්වන සහකරුවා හෝ පෙම්වතා ලෙස හඳුන්වන මින් ඕනෑම සමීප සහකරුවෙකු ගෙන් මේ ශාරීරික හා ලිංගික හිංසන සිදුව ඇත.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කොළඹ කාර්යාලය විසින් පසුගියදා පැවති වැඩමුළුවකදී මේ තොරතුරු ආනාවරණය වී තිබේ.

මෙසේ ශාරීරික හිංසනය අත්විඳි කාන්තාවන්න් ගෙන් බොහොමයක් ලිංගිකව ද හිංසනයට ලක්ව තිබූ බව මෙම සමීක්‍ෂණයේ දත්ත විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇත.

මෙම සමීක්‍ෂණයේදී කාන්තාවන් මුහුණ දුන් බවට වඩාත් සුලභව වාර්තා වූ හිංසන හැසිරීම් රටාව වූයේ සහකරු විසින් කාන්තාව තම පාලනයට නතුකර ගැනීම වෙනුවෙන් කරන ලද බලපෑම වූ අතර එය සියයට 19.1 ක් බව ද හෙළි වී තිබිණි.

මේ අතර මැද පෙරදිග රටවල ගෘහ සේවයට යවන මුවාවෙන් මෙරට කාන්තාවන් ගණිකා ව්‍යාපාර සඳහා යොදවන සංවිධානාත්මක තැරවුකාර ජාලයක් පිළිබඳ විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය කරා පිටත්ව ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, ජාවාරම් හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම පරීක්ෂණ සිදුකරයි.

ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන හා තැරවුකරුවන් මගින් මෙරට කාන්තාවන් දහසකට අධික සංඛ්‍යාවක් ඩුබායි, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවලට ගෘහ සේවයට යවන බව කියා අසරණ කර බොහෝ කාන්තාවන් ගණිකා ව්‍යාපාරවල යොදවා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

සංචාරක වීසා මත ඩුබායි සහ ඕමාන් යන රාජ්‍යයන් වෙත යවා ඇති එම කාන්තාවන් ගණිකා වෘත්තීය, සම්භාහන මධ්‍යස්ථාන ඇතුළු මිනිස් වෙළෙඳාමට හා ජාවාරමට ලක්වන රැකියා සඳහා යොමුකර තැරැවුකරුවන් ලක්ෂ ගණනින් මුදල් උපයා ගන්නා බව ද අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්. සමරකෝන්ගේ මෙහෙයවීම මත මීට අදාළ විමර්ශන කටයුතු සිදුවේ.

මේ ආකාරයෙන්ම උස්බකිස්තාන සහ ඉන්දුනීසියාව වැනි රටවල කාන්තාවන් සංචාරක විසා මත මෙරටට ගෙන්වා ගණිකා වෘත්තියේ යෙදවූ ජාවාරමක් ද මෙම විමර්ශන කොට්ඨාසය මගින් මීට මාස කිහිපයකට පෙර අනාවරණය කර ගත්තේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now