ඔලුව රත් වන ආරංචියක්.... පරිස්සමට !!!!

By Hashan May 03, 2025 12:32 PM GMT
Report

දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට (04) දිනයේ දී උෂ්ණත්වයේ යම් ඉහළ යාමක් දැක ගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දන්වා සිටිනවා. දිනපතා වායුගෝලයේ පවතින සාමාන්‍ය උෂ්ණත්වයට වඩා යම් තරමක වැඩි උෂ්ණත්වයක් හෙට දිනයේ දී පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කළා.

චාමර සම්පත් අදත් ඇතුලට යයිද ?

චාමර සම්පත් අදත් ඇතුලට යයිද ?

එසේම අද (03 ) දින පස්වරු 3.30 ට නිකුත් කළ කාලගුණ නිවේදනය හෙට දිනය සදහා ද වලංගු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවට නිවේදනය කර සිටියේ.

හැකි සෑම විටම ජලය පානය කරන ලෙසත් , දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම හැකිතාත් අවම කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ජනතාවට උපදෙස් ලබා දී සිටියා.

ඔලුව රත් වන ආරංචියක්.... පරිස්සමට !!!! | Sri Lanka Wether News

නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කර සිටියා . 

ඖෂධ ගැන අලුත්ම ආරංචියක්

ඖෂධ ගැන අලුත්ම ආරංචියක්