ඖෂධ ගැන අලුත්ම ආරංචියක්

Medicines National People's Power - NPP Nalinda Jayatissa Price Sinhala news
By Ashfa May 03, 2025 10:52 AM GMT
Ashfa

Ashfa

Report

ඖෂධ මිල පහළ දැමීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා රජය ගෙන ඇති සූදානම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට සමස්ත ලංකා ඖෂධශාලා හිමියන්ගේ සංගමය, ඖෂධ ආයෝජන මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ඖෂධ ආනයනය හා බෙදාහැරීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සහභාගී විය.

හරිනිගෙන් පොරොන්දුවක්... අලුත් බලාපොරොත්තුව මෙන්න

හරිනිගෙන් පොරොන්දුවක්... අලුත් බලාපොරොත්තුව මෙන්න

මහජනතාවට සහන සැලසීමේ අරමුණින් ඖෂධ මිල පහත දැමීම සහ ඖෂධ හිඟයකින් තොරව සැපයුම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවේ දී පැහැදිලි කර සිටියේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව විසින් පිරිවැය, රක්ෂණ හා සැපයුම් වියදම් මත පදනම්ව උපරිම සිල්ලර මිල ලෙස සියයට 80ක් දක්වා සීමා කිරීම සිදු කළහොත්, තොග වෙළෙඳුන්ට සියයට 18ක ලාභයක් ලබාදිය හැකි බවද සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී.

මෙම පසුබැසීමේදී වත්මන් මිල සහ මිල සූත්‍රය යෙදීමෙන් බහුලව භාවිත වන ඖෂධ කිහිපයක මිල පහත යාම පිළිබඳව වාර්තාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ ආයෝජන මණ්ඩලයට උපදෙස් දුන් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

තවත් ඇවිලෙන මහා යුද්ධෙකින් අවසන් වන ඉන්දු පාකිස්තානු ගැටුම

තවත් ඇවිලෙන මහා යුද්ධෙකින් අවසන් වන ඉන්දු පාකිස්තානු ගැටුම

ReeCha