දිස්ත්‍රික්ක 10 කට දැඩි අවධානම් තත්ත්වයක්.. එම දිස්ත්‍රික්ක මෙන්න.(PHOTOS)
අද උදෑසන දිවයිනේ ප්‍රධාන නගරවල වාතයේ ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වායු ප්‍රවාහයේ වායු දූෂණ මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත්, එම නිසා රට තුළ අත්විඳින ලද වායුගෝලීය දූෂණය ඉක්මනින් ඉවත් කිරීමට අපේක්ෂා කරන බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ, ප්‍රධාන නගර කිහිපයක වාතයේ ගුණාත්මක සංඛ්‍යාත්මක අගය 150 ත් 200 ත් අතර අගයක් ගන්නා අතර එය සෞඛ්‍ය සම්පන්න මට්ටමට වඩා සැලකිය යුතු ඉහළ අගයක් ගන්නා බවයි.
කෙසේ වෙතත් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් සුළගේ දිශාව වෙනස් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ඔහු පැවසීය.
ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, ඊයේ දිනට සාපේක්ෂව සියයට 75ක වර්ධනයක් තමන් නිරීක්ෂණය කර ඇති බවයි.
මීට අදාල දැඩි බලපෑමක් ඇතිවී තිබෙන දිස්ත්‍රික්කයන් පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


