ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනට වෙන්න යන දේ - රටටම දන්වා විශේෂ නිවේදනයක්
අද(30) දින සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.
ඒ අනුව එහි දැක්වෙන්නේ ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් බලාපොරොත්තු වන බවයි.
එසේම ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.
මේ ලග්න හිමියන් අද අතිශයින්ම ප්‍රවේශම් වන්න - මුදල් ණයට දීම, ණයට ගැනීම හෝ ඇපයට අත්සන් කිරීම කරන්න හිතන්නවත් එපා
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.