දිවයිනේ ස්ථාන රැසක අද 2 න් පසු ගිගුරුම් සහිත වැසි - නිවේදනයක්
2026 අගෝස්තු මස 13 දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර ඇත.
ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.
එසේම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.
ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.