ඇෆ්ගන් ශ්‍රී ලංකා පළමු දිනය නිමා වෙයි - තරගයේ සිදුවූ වෙනස..
UPDATE -:
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන පළමු සහ එකම ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත් විය.
නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 42ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 36ක් රැස් කරගෙන සිටිති.
.........................................................................................
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගයේ පළමු දිනය අදයි.
අද (02) සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත්තේ ය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසුණු නමුත් ඔවුන්ට විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට නොහැකි විය.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක ඉනිමක් දියත් කළ රහ්මට් ශා ලකුණු 91ක් රැස් කළේ ය. පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගත්තේ ය. අසිත ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියේ ය.
Sponsored By Sarrita Jewellery
