ලංකාවේ වාහන මිලට වෙන්න යන දේ මෙන්න...හැමෝම අවධානයෙන්.

Sri Lanka Insurance Leasing Vehicle price Vehicle market
By Aruna Sep 17, 2021 09:33 AM GMT
Aruna

Aruna

Report
124 Shares

මෙරට වාහන වෙළෙඳපොළේ ඇති වෙලා තියෙන තත්ත්වේ වර්තමානයේ දී වාහන ආනයන නවතා දැමීමත් සමඟ මෙරට පාවිච්චි කරන ලද වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවක් දකින්නට ලැබී ඇත.

මෙම පසුබිම තුළ ඇතැම් වාහන නොවටිනා මිල ගණන්වලට විකිණීමට ඇති අයුරු වාහන අලෙවි දැන්වීම් පළකරන ඇතැම් වෙබ් අඩවි පිරික්සීමේ දී පැහැදිලි වේ.

මීට වසර කිහිපයකට පෙර එංගලන්තය වැනි රටවල දේපළ වෙළෙඳාම් සම්බන්ධයෙන් බබල් එකක් ඇති වූ ආකාරයට මෙරට වාහන වෙළෙඳපොළේ ද බබල් එකක් ඇති වී තිබෙන බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පවතින තත්ත්වය සමතයකට පත වූ කාලයක දී වැඩි මිලට ලීසිං පහසුකම් සපයන ලද සමාගම් අර්බුදයකට පත්විය හැකි බවත් මේ වන විට සියලු මූල්‍ය සමාගම් ඒ ගැන සලකා බලමින් සිටින බවත් ඔහු පවසයි.

“එකපාරක් එංගලන්තේ එහෙම විශාල රියල් එස්ටේට් බබ්ල් එකක් ආවා.

මොකද නොහිතන ගණන්වලට රියල් එස්ටේට් වටිනාකම ගිහිල්ලා අන්තිමට එකසැරේට ඒවායේ වටිනාකම අඩුවුණා.

එතකොට අඩුවුණු ගමන්ම බැංකු කඩාගෙන වැටුණා.

සමහර වාහන මිලියන 8 ට 10 ට ගියපු ඒවා අද වෙන කොට මිලියන 20 ට විතර යනවා කියලා ආරංචි වෙනවා.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now