අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩුවට.. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට සැලසුම්

Report

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ලද අත්දැකීම්, වර්තමාන සෞඛ්‍ය අවශ්‍යතා, ගෝලීය ඖෂධ වෙළඳපොළේ සිදු වී ඇති වෙනස්කම්, ඖෂධ සැපයුම් දාමයේ අභියෝග සහ දේශීය ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ නව අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, 2026-2030 කාලසීමාව සඳහා යාවත්කාලීන ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මහජනතාව වෙත ආරක්ෂාකාරී, ඵලදායී, ගුණාත්මක සහ දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීම යන රජයේ ප්‍රමුඛ සෞඛ්‍ය ප්‍රතිපත්ති අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේ.

ඉකුත් 2005 වර්ෂයේදී සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමට 2020 සිට 2025 දක්වා යන කාලවකවානුව තුළ මූලික කටයුතු ආරම්භ කර ඇති වුවද එම කාර්යය අවසන් වී නොමැති බව වාර්තා වේ.

ආයේ ශ්‍රී ලංකාවෙන් බැහැරට මේ විදිහට අරමුදල් මාරු කරන්න බෑ.. අපරාධ වරදක් බවට විශේෂිත විධිවිධාන

ආයේ ශ්‍රී ලංකාවෙන් බැහැරට මේ විදිහට අරමුදල් මාරු කරන්න බෑ.. අපරාධ වරදක් බවට විශේෂිත විධිවිධාන

එබැවින් පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන ලෙස සකස් කරනු ලැබ ඇති 2026-2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රමුඛතා කාර්යයක් සේ සලකා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

එම අරමුණු ලෙස,

ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවලට අදාළ වන ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල, ගුණාත්මක හා ආරක්ෂිත ඖෂධ තිරසර හා සාධාරණ ආකාරයකින් දැරිය හැකි මිලකට ලබා ගැනීම සහතික කිරීම.

සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සහ පාරිභෝගිකයින් විසින් විද්‍යාත්මකව නිවැරදි, පිරිවැය ඵලදායී වෛද්‍ය නිෂ්පාදන භාවිතයෙන් ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සහ නාස්තිය වැළැක්වීම, සහතික කළ ප්‍රත්‍යක්ෂභාවය, ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහිත අත්‍යවශ්‍ය වෛද්‍ය නිෂ්පාදන කාර්යක්ෂමව දේශීයව නිෂ්පාදනය කිරීම ප්‍රවර්ධනය කිරීම.

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව