ආයේ ශ්‍රී ලංකාවෙන් බැහැරට මේ විදිහට අරමුදල් මාරු කරන්න බෑ.. අපරාධ වරදක් බවට විශේෂිත විධිවිධාන

Report

ශ්‍රී ලංකාවෙන් බැහැරට සිදු කෙරෙන අනවසර මුදල් මාරු කිරීම් “අපරාධ වැරදි” වශයෙන් හඳුනා ගැනීමට විදේශ විනිමය පනත යටතේ විශේෂිත විධිවිධාන හඳුන්වා දීමට හැකි වන ලෙස 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එම යෝජනාව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙරට සිටින තැනැත්තෙකු භාණ්ඩ ආනයනය කිරීමට අත්තිකාරම් ගෙවීමක් වශයෙන් රටින් බැහැරට අරමුදල් ප්‍රේෂණය කර පසුව සාධාරණ කාල සීමාවක් තුළ ඊට අනුරූප භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපොහොසත් වන්නේ නම්, එවැනි ප්‍රේෂණය කිරීමක් රටින් බැහැරට සිදු කළ අනවසර විදේශවිනිමය මාරු කිරීමක් වශයෙන් සැලකිය හැකි බව සඳහන්.

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විදේශ විනිමය පනතේ දැනට පවතින ප්‍රතිපාදන යටතේ එවැනි අනවසර මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් ගත හැකි එකම පියවර වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ප්‍රේෂණයේ වටිනාකමට සමාන වන ශ්‍රී ලංකා රුපියල්වලින් වන මුදලක් මුල්‍ය දඩයක් වශයෙන් පැනවීම පමණක් බව ද වාර්තා වේ.

එවැනි අනවසර අරමුදල් මාරු කිරීම් විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් වශයෙන් අර්ථ දක්වා නොමැති බැවින්, අපරාධ නඩු පැවරීමක් සඳහා වන නෛතික ප්‍රතිපාදන ද එම පනතේ අඩංගු නොවන බව ද දැක්වේ.

එනිසා ශ්‍රී ලංකාවෙන් පිටතට අනවසර මුදල් මාරු කිරීම් විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් වශයෙන් ස්ථාපිත කිරීම මඟින් විමර්ශන ආයතනවලට සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවලට අදාළ නීතිමය රාමුව යටතේ එවැනි සිදුවීම්වලට එරෙහිව ඵලදායි ලෙස පියවර ගැනීමට අවස්ථාව සැලසෙන බව හඳුනාගෙන ඇත.

මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්

මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්

එබැවින් ශ්‍රී ලංකාවෙන් බැහැරට සිදු කෙරෙන අනවසර මුදල් මාරු කිරීම් අපරාධ වැරදි වශයෙන් හඳුනා ගැනීමට විදේශ විනිමය පනත යටතේ විශේෂිත විධිවිධාන හඳුන්වා දීමට හැකි වන ලෙස 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව