ලංකාව සහ තුර්කිය අතර ගුවන් ගමන් වල ලොකු වෙනසක් - කැබිනට් අනුමැතිය ලැබෙයි

Report

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ගුවන් සේවා ගිවිසුම සංශෝධනයට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකා රජය සහ තුර්කි රජය අතර ගුවන් සේවා සඳහා වන නියාමන රාමුව තවදුරටත් වැඩි දියුණු කිරීමටත්, ගුවන් සේවා සබඳතා සමාලෝචනය කිරීමටත්, දෙපාර්ශ්වය විසින් පසුව සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී පවත්නා ගුවන් සේවා ගිවිසුමේ 11 වන වගන්තිය සංශෝධනය කිරීම පිණිස එකඟතාවයකට පැමිණ ඇත.

ඒ සඳහා වන සාකච්ඡා සටහනට දෙපාර්ශ්වය විසින් 2016-12-07 දින අත්සන් තබා ඇති අතර එම ගිවිසුමේ යෝජිත සංශෝධනය සඳහා සකස් කරනු ලැබ ඇති කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

120000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම - විශ්‍රාම යාමේදීත් සතුටින් සමුදීමට වැඩපිළිවෙලක්

120000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම - විශ්‍රාම යාමේදීත් සතුටින් සමුදීමට වැඩපිළිවෙලක්

පවතින ගුවන් සේවා ගිවිසුමේ ගාස්තු රාමුව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දැනට පවත්නා ගුවන් සේවා ගිවිසුම සඳහා වන යෝජිත සංශෝධනයට අත්සන් තැබීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා රජය සහ තුර්කි රජය ගුවන් සේවා ගිවිසුමකට 2008-12-02 දින අත්සන් තබා ඇත