ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් අලුත්ම ලෝක වාර්තාවක්

Report

ජුනි මාසයේ මුල් දින 14 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 54,465 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 21,839 දෙනෙකු පැමිණ ඇති අතර, එය සමස්ත පැමිණීම් සංඛ්‍යාවේ 42%ක් ලෙස වාර්තා වේ.

එම කාලය තුළ චීනයෙන් 3,503 දෙනෙකු, එක්සත් රාජධානියෙන් 4,160 දෙනෙකු සහ ඔස්ට්‍රේලියාවෙන් 3,105 දෙනෙකුද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද එම දත්තවල සඳහන් වේ.

O/L ප්‍රතිඵල ලබන සතියේ එනවා - නියෝජ්‍ය ඇමතිගෙන් හදිසි නිවේදනයක්

O/L ප්‍රතිඵල ලබන සතියේ එනවා - නියෝජ්‍ය ඇමතිගෙන් හදිසි නිවේදනයක්

මේ අතර, 2026 ජනවාරි 1 සිට ජුනි 14 දක්වා කාලය තුළ සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,076,487ක් ලෙස වාර්තා වී ඇත.

එම කාලය තුළ ඉන්දියාවෙන් 272,099 දෙනෙකු, රුසියාවෙන් 76,686 දෙනෙකු සහ එක්සත් රාජධානියෙන් 102,253 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ලංකාවට එන්න තියෙන ලොකුම කාලගුණ අනතුර මෙන්න - අග්‍රාමාත්‍යගෙන් රටටම හදිසි නිවේදනයක්

ලංකාවට එන්න තියෙන ලොකුම කාලගුණ අනතුර මෙන්න - අග්‍රාමාත්‍යගෙන් රටටම හදිසි නිවේදනයක්