විස්සයි-20ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී

Report

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026දී ඉන්දියාවේ සහ ලංකාවේ සම-සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ හේතුවෙන් මෙරටට ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ප්‍රචාරණය මෙනම් විදෙස් සංචාරකයින්ගේ ලංකාවට පැමිණීම ආදී වූ ප්‍රථිලාබ රැසක් ලැබෙන බව අපේක්ෂා කරනු ලබයි.

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබද සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබුණි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම සාකච්ජාවේදී අවධානය යොමුකළ කරුණු වනුයේ

  • ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුවල ඉතා ප්‍රශස්ත මට්ටමින් අදාළ තරගාවලිය මෙරට තුළ පැවැත්වීම
  • ලංකාවට පැමිණෙන විදේශීය ප්‍රේක්ෂකයන් මුහුණ දෙන ආගමන හා විගමන ගැටලු පිළිබදව
  • තරගාවලිය හේතුවෙන් රටේ ආර්ථිකයට ඇති විය හැකි සුබවාදී බලපෑම
  • මෙරට උත්පාදනය විය හැකි නව ආර්ථිකමය අවස්ථා
  • මේ සදහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ දායකත්වය ලබා ගැනීම

ආදිය පිළිබදවයි.

මෙම තරගාවලිය පැවැත්වීමට සූදානම් වනුයේ කොළඹ සහ පල්ලේකැලේ පිහිටි ක්‍රීඩාංගණ තුනක් මූලික කරගන වේ.

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 07 වන දා සිට මාර්තු 08 වන දා දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබේ.

තවද රටවල් 20ක් මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතව තිබේ. ඒවගේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබෙනුයේ තරග විස්සක් පමණ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටයි.

2026 T20 ලෝක කුසලානයට දින ගැනපු අයට මෙන්න සුබ ආරංචියක්

2026 T20 ලෝක කුසලානයට දින ගැනපු අයට මෙන්න සුබ ආරංචියක්

රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල

රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල