ශ්‍රී ලංකාවට හොංකොං සික්සස් අවසන් මහා තරගයට වරම්..

By Piyumika Nov 03, 2024 07:17 AM GMT
Report

 2024 හොංකොං සික්සස් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

කළුතර බිහිසුණු පුද්ගල ඝාතනයක් ..

කළුතර බිහිසුණු පුද්ගල ඝාතනයක් ..

ඒ, දෙවන අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා පිළේ ප්‍රතිවාදීන් වූ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ නියමත පන්දුවාර 06 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 103ක් රැස් කළා. පන්දු යැවීමේ දී තරිඳු රත්නායක බංග්ලාදේශ ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවා.

ලොහාන් රත්වත්තේට හදිසි මාරුවක්..

ලොහාන් රත්වත්තේට හදිසි මාරුවක්..

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 05යි පන්දු 05කදී ලකුණු 104ක ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

ඒ, අනුව තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් ලෙස පාකිස්ථාන කණ්ඩායම මුණගැසෙනවා.