''තනි තනිව බස් දිවීම ඉවරයි'' ලෝකයේ රටවල් රැසක සාර්ථක වූ 'පොකුරුකරණ' ක්‍රමය ලංකාවටත්

Report

මෙරට බස් රථ සේවාවේ පවතින මෙහෙයුම් ගැටලු අවම කරමින් මගී ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ‘බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණ’ (Bus Sector Clustering) නියමු වැඩසටහනක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ විශාල පෞද්ගලික බස් රථ ප්‍රමාණයක් මගින් ක්‍රියාත්මක වන වත්මන් බස් සේවා පද්ධතිය තුළ පවතින තරගකාරී තත්ත්වය හේතුවෙන් කාලසටහන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, මාර්ගවල බස් රථ අධික වීම, අනාරක්ෂිත ධාවන රටා, මගී අපහසුතා, රථවාහන තදබදය සහ සම්පත් අකාර්යක්ෂම භාවිතය වැනි ගැටලු රැසක් මතුව ඇති බව හඳුනාගෙන තිබේ.

මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ලොව රටවල් රැසක භාවිත වන බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණ ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම ක්‍රමවේදය යටතේ එකම මාර්ග කලාපයක හෝ ප්‍රවාහන කොරිඩෝවක ධාවනය වන බස් සේවා තනි තනිව පවත්වාගෙන යාම වෙනුවට, ඒවා ඒකාබද්ධව සහ නිසි සම්බන්ධීකරණයකින් යුතුව කළමනාකරණය කිරීමට නියමිතය.

ඒ අනුව, වැඩසටහනේ පළමු අදියර ලෙස බස් මාර්ග අංක 170, 177 සහ 190 ආශ්‍රිත බස් රථ කොරිඩෝවල මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

අදාළ වැඩසටහනේ ප්‍රගතිය සහ ප්‍රතිඵල සලකා බලා ඉදිරියේදී එය දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සඳහාද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව සඳහන් වේ.

මේ සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙම සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙම සීඝ්‍රගාමී දුම්රිය දින 4කට සීමා වෙයි

නවීන පහසුකම් සහිත නාරාහේන්පිට දුම්රිය ස්ථානය මහජන අයිතියට

නවීන පහසුකම් සහිත නාරාහේන්පිට දුම්රිය ස්ථානය මහජන අයිතියට