නවීන පහසුකම් සහිත නාරාහේන්පිට දුම්රිය ස්ථානය මහජන අයිතියට

Report

නවීකරණය කරන ලද නාරාහේන්පිට දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ, Clean Sri Lanka වැඩසටහනේ තිරසර ව්‍යාපෘතියක් වන "Dream Destination" වැඩසටහනට අදාළව මෙම නවීකරණ කටයුතු සිදු කර තිබේ.

ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 40ක මුදලක් වැය කර ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු පෞද්ගලික අංශයේ MAGA ඉදිකිරීම් සමාගම විසින් සිදුකර ඇත.

මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව මගී ගුවන් පාලමක් ඉදිකිරීම, දෙවන මගී වේදිකාව දිගු කිරීම, සනීපාරක්ෂක සහ මලාපවහන පද්ධති වැඩිදියුණු කිරීම, දුම්රිය ස්ථානයේ අභ්‍යන්තර හා බාහිර ප්‍රතිසංස්කරණ, නව මගී ආසන සවි කිරීම, දුම්රිය නිල නිවාස අලුත්වැඩියා කිරීම, විදුලි ආලෝක පද්ධතිය නවීකරණය කිරීම සහ ප්‍රවේශ මාර්ගයට කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇතුළු භෞතික යටිතල පහසුකම් රැසක් වැඩිදියුණු කර ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා නාරාහේන්පිට දුම්රිය ස්ථානය මගීන්ට වඩාත් ආරක්ෂිත, පහසු සහ නවීන පහසුකම්වලින් සමන්විත දුම්රිය ස්ථානයක් බවට පත් කිරීම අරමුණු කර තිබේ.

නව තාක්ෂණයෙන් මාධ්‍ය කලාව යාවත්කාලීන කරමින් රත්නපුර මාධ්‍යවේදීන් 53කට වෘත්තීය පුහුණුවක්

නව තාක්ෂණයෙන් මාධ්‍ය කලාව යාවත්කාලීන කරමින් රත්නපුර මාධ්‍යවේදීන් 53කට වෘත්තීය පුහුණුවක්

අඩු ආදායම්ලාභී පවුල් වලට රජයෙන් නිවාස - නිවාස 1,020ක් ජනතාවට ලබාදීමේ සුදානමක්

අඩු ආදායම්ලාභී පවුල් වලට රජයෙන් නිවාස - නිවාස 1,020ක් ජනතාවට ලබාදීමේ සුදානමක්