ඉරාන යුද්ධේ ඉවර වුණ ගමන් ලංකාවට ලැබෙන ලොකු අවස්ථාවක් ගැන නලින් කට අරී
ලෝකයේ පවතින දැවැන්ත යුද ගැටුම් හමුවේ සිදුවන විනාශය නැවත ගොඩනැගීමේදී ශ්‍රී ලංකාවට හිමිවන අවස්ථාවන් පිළිබඳව දැන් සිටම අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කර ඇත.
ඒ අනුව යුද්ධයෙන් පසු සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් දායක කරගත හැකි ආකාරය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රකාශ කර ඇත.
විශේෂයෙන්ම හමුදාවෙන් විශ්‍රාම යන පිරිස් සඳහා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වාර්ෂිකව හමුදා සේවයෙන් පුද්ගලයන් 6,000ක් පමණ විශ්‍රාම යන බවත්, ඔවුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 42ක් පමණ වන බැවින් ඔවුන්ට තවදුරටත් වැඩ කිරීමේ හැකියාව පවතින බවයි.
එනිසා විශ්‍රාම යන මෙම පිරිස් සඳහා ඉදිකිරීම් සහ සංචාරක ක්ෂේත්‍රයන් ඉලක්ක කරගනිමින් NVQ සහතික පත්‍ර සහිත පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
ඒ ඔස්සේ ඔවුන්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දී විදේශීය රැකියා අවස්ථාවන් සඳහා දායක වීමට අවස්ථාව සැලසෙනු ඇති බව පවසයි.