විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය අවසර නැතුව බලාගාර අටක් හදන්න ගිය පැටිකිරිය එළිවෙයි

Report

මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය නොතකා මෙගාවොට් 50ට වැඩි භූගත සූර්ය බලාගාර අටක් ඉදිකිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය උත්සාහ ගනිමින් සිටින බවට මධ්‍යම පරිසර අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදුලිබල ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි ඇමැති ධුරයට පත්වීමට පෙර සේවය කළ බව කියන අනුබද්ධ ආයතනයක් ද මෙම බලාගාර ඉදිකිරීමේ සැලසුම පිටුපස ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

1980 අංක 47 දරණ ජාතික පරිසර පනතේ දැක්වෙන ආකාරයට මෙගාවොට් 50ට වැඩි බලාගාර ඉදිකිරීමේදී මධ්‍යම පරිසර අධිකාරියේ EIA (පරිසර බලපෑම් වාර්තාව) ලබාගත යුතු වේ. එසේම එම අනුමැතිය නොමැතිව මෙගාවොට් 50ට වැඩි බලාගාර ඉදිකිරීමට අවසර නොමැති බව ද අඳාළ පනතේ සඳහන් වේ.

පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්ද? නාමල්ගෙන් පොලිස්පතිට බරපතළ චෝදනාවක්

පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්ද? නාමල්ගෙන් පොලිස්පතිට බරපතළ චෝදනාවක්

මෙම සූර්ය බලාගාර අට 8 තුළ මෙගාවොට් 100ක විදුලි ව්‍යාපෘති හයක්ද, මෙගාවොට් 70, 60 සහ මෙගාවොට් 50 ක ව්‍යාපෘති දෙකක් ද ඇතුළත් බව වාර්තා වේ.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ EIA (පරිසර බලපෑම් වාර්තාව) අවසරය ලබා ගැනීමට රුපියල් මිලියන දෙකක පමණ මුදලක් රජයට ගෙවිය යුතු අතර IEE සහතික ලබා ගැනීමට ගෙවිය යුත්තේ ඊට අඩු මුදලක් බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

එමෙන්ම විදුලි බලාගාරයක් ඉදිකිරීමේදී පරිසරයට වන හානිය සහ සත්ත්වයන්ට සහ මිනිසුන්ට සිදුවන හානි නොතකා මෙම විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යන බවටද චෝදනා එල්ල වේ. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්ගෙන් විමසීමේදී ඔහු පැවසුවේ මෙගාවොට 50ට වැඩි විදුලි ව්‍යාපෘති සඳහා EIA (පරිසර බලපෑම් වාර්තාව) අනුමැතිය ලබාගත යුතු බවයි.

වැලිගම ප්‍රා. සභාවේ හිටපු සභාපති ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රා. සභාවේ හිටපු සභාපති ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට

තවද එසේ නොකර IEE ( මූලික පරිසර වාර්තාව) සහතිකය මත එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. එබැවින් එවැනි ව්‍යාපෘති පිළිබඳ සොයා බැලිය යුතු බවද සභාපතිවරයා අවධාරණය කළා. මේ පිළිබඳව බලශක්ති ඇමැති කුමාර ජයකොඩිගෙන් විමසීමට උත්සාහ කළත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

ඊට අමතරව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි 2015 වසරේ දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සමබන්ධයෙන් ලබන සතියේ වාර්තාව ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම එහි නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඇමැතිවරයාට එල්ල වී ඇත්තේ රුපියල් මිලියන 8ක මුදලක් අයථා පරිහරණය කිරීමේ චෝදනාවක් වේ.

ටෙන්ඩරයක් පිරිනැමීමේදී සිදුවී ඇති බව කියන සිද්ධියකදී ටෙන්ඩර් මණ්ඩලය ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ කුමාර ජයකොඩි බවද අල්ලස් කොමිසම සඳහන් කරයි.

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි