ලංකාවට සුභ පණිවිඩයක් - රටේ ආදායම ඉහළට

Report

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ 2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇති බවයි.

ජනවාරි මස පළමු දින සිට පෙබරවාරි 12 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 401,787 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවත් ගත වූ කාලය තුළ එක් දිනකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරි 12 වන දින සිදුව ඇති බවත්, එදින සංචාරකයින් 12,731ක් මෙරටට පැමිණ ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?

සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 70,880 දෙනෙකු ලෙස වාර්තා වී ඇත. එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 44,053 දෙනෙකු, රුසියානු ජාතිකයින් 36,949 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 28,332 දෙනෙකු සහ චීන ජාතිකයින් 22,309 දෙනෙකු ද මේ අතර වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ. තවද, පෙබරවාරි මාසයේ පළමු දින 12 තුළ පමණක් විදෙස් සංචාරකයින් 124,460 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට විශේෂ නිවේදනයක් - ග්‍රාමසේවක හා වෙබ්අඩවිය මගින් සේවාව

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට විශේෂ නිවේදනයක් - ග්‍රාමසේවක හා වෙබ්අඩවිය මගින් සේවාව