පළමු එක්දින ක්රිකට් තරගයෙන් එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්
එංගලන්තයට එරෙහිව අද (22) දින ආරම්භ වූ පළමු එක්දින ක්රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස්කිරීමට සමත්ව ඇත.
ඒ අනුව එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක් ලැබී තිබෙනවා.
මේ අතර ඉනිම අවසන්වන විටත් කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් පන්දු 117කින් ලකුණු 93ක් රැස්කරගෙන සිටියා.