ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමා වෙයි..

Report

ශ්‍රී ලංකාව හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් විය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 654ට ලකුණු 489ක් පසුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

අතුරු සිදුරු නැතුව කොලිගේ දස්කම් බලන්න ආපු ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවට හිමන්ෂුගෙන් තෑග්ගක් ...(VIDEO)

අතුරු සිදුරු නැතුව කොලිගේ දස්කම් බලන්න ආපු ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවට හිමන්ෂුගෙන් තෑග්ගක් ...(VIDEO)

තරගය අද (1) සිව්වන දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියේය.

කෙසේ නමුත් ඉනිමට තවත් ලකුණු 29ක් පමණක් එක්වන විට ඉතිරි කඩුලු 5ක් දවාගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකිවිය.

හිනිදුම බිහිසුණු ඝාතකයින් සොයන්න STF එකත්...

හිනිදුම බිහිසුණු ඝාතකයින් සොයන්න STF එකත්...

ශ්‍රී ලංකා ඉනිමේ එකම ගැළවුම්කරුවා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 72ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක පිතිහරඹයක නිතර වීමට නොහැකි විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ මැතිව් කුහ්නමන් ලකුණු 63කට කඩුලු 5ක් දවාගත්තේය. ඊට අමතරව නේදන් ලියොන් කඩුලු 3ක් හා මිචෙල් ස්ටාක් කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

You may like this video