මුළු ලංකාවටම මුදල් අමාත්‍යාංශයෙන් රතු එළියක් - ජාත්‍යන්තර ලෙස මතුවිය හැකි අභියෝග ගැනත් අනතුරු අඟවයි

Report

මුදල් අමාත්‍යාංශය මඟින් 2025 වසරේ පැවති මට්ටමට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම පහළ යනු ඇති බව සඳහන් කරයි.

ඒ අනුව මේ බව හෙළි කර ඇත්තේ අමාත්‍යාංශය විසින් 2027 වසර සඳහා නිකුත් කරන ලද මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය මඟින්.

අඳාළ වාර්තාවට අනුව, ප්‍රදාන ඇතුළත් සමස්ත රාජ්‍ය ආදායම 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ 16.7%ක් වශයෙන් පැවති බවත් එය 2026 වසරේදී 15.8%ක් දක්වා පහළ යනු ඇති බවටත් ගණන් බලා ඇති බව සඳහන්.

එසේම මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන ආකාරයට මෙම ආදායම් අඩුවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ 2025 වසරේදී වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමඟ රජයට ලැබුණු එක්වරක් පමණක් හිමිවන විශාල බදු ආදායමෙන් පසුව, ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය සාමාන්‍ය මට්ටමට පත්වීම බව සඳහන්.

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

තවද 2022 වසරේ පැවති දැඩි ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ 8.4%ක් වැනි ලොව පහළම මට්ටමකට ඇද වැටී තිබූ බව අමාත්‍යාංශය සිහි කරයි.

අනතුරුව ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්ති සහ පරිපාලන ප්‍රතිසංස්කරණ නිසා බදු පදනම පුළුල් කිරීමටත්, බදු පැහැර හැරීම් සහ අහිමිවීම් අවම කිරීමටත් රජය සමත්ව තිබෙනවා.

මේ අතර රාජ්‍ය ආදායම් ඉලක්ක ඉදිරියට පවත්වාගෙන යාමේදී ජාත්‍යන්තර ලෙස මතුවිය හැකි අභියෝග පිළිබඳව ද මුදල් අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.

විශේෂයෙන්ම මැදපෙරදිග පවතින භූ දේශපාලනික අර්බුද, ගෝලීය වෙළෙඳාමේ බාධා සහ බලශක්ති වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය ඉදිරි ආදායම් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කළ හැකි බව අඳාළ වාර්තාවේ සඳහන්.

හෙට සිට බස් ගාස්තුවලත් සංශෝධනයක්.. අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් කරන දේ ගැන බස් සංගම්වලින් රතු එළි

හෙට සිට බස් ගාස්තුවලත් සංශෝධනයක්.. අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් කරන දේ ගැන බස් සංගම්වලින් රතු එළි

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි