බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට

Report

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සනිටුහන් කරමින්, රජය විසින් අලුතින් ආනයනය කරන ලද මෙගාවොට් 160 ක සමස්ත ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 6 ක් අද (30) අලුයම කොළඹ වරාය වෙත සාර්ථකව රැගෙන එනු ලැබීය.

පසුගිය 2025 වසරේ ජූලි මාසයේදී ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් කැඳවමින් මෙරටට ආනයනය කිරීමට සැලසුම් කළ මෙවැනි සුවිශේෂී බැටරි පද්ධති 16 කින් සමන්විත මහා පරිමාණ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙම පද්ධති 6 රැගෙනවිත් තිබේ.

සූදානම් වන්නැයි දන්වයි - හෙට සවස 4.30 වන තුරු වලංගු නිවේදනයක්

සූදානම් වන්නැයි දන්වයි - හෙට සවස 4.30 වන තුරු වලංගු නිවේදනයක්

මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කරමින් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම නවීන බලශක්ති ගබඩා පද්ධති 6 මහව, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චි, අනුරාධපුර සහ පොළොන්නරුව යන ප්‍රදේශවල දැනට පිහිටා ඇති ප්‍රධාන විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල්  ආසන්නයේ කඩිනමින් ස්ථාපිත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

මෙම එක් පද්ධතියක් මඟින් දිවා කාලයේදී මෙගාවොට් 40 ක විදුලිබල ශක්තියක් කාර්යක්ෂමව ගබඩා කර තබාගත හැකි අතර, ඉන් මෙරට උපරිම විදුලිබල ඉල්ලුමක් පවතින රාත්‍රි කාලයේදී මෙගාවොට් 10 බැගින් ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙම පද්ධති 6 මඟින් රාත්‍රී කාලයේදී ජාතික පද්ධතියට සැපයෙන මුළු විදුලි ධාරිතාව මෙගාවොට් 60 කි. අදාළ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම නවීන බලශක්ති ගබඩා පද්ධතිවල සමස්ත පාලනය, නඩත්තුව සහ කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම වෙත පවරා ඇති බවයි. මෙලෙස උසස් තාක්ෂණයෙන් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති යොදාගනිමින් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව සුරැකීමේ සුවිශේෂී මෙහෙයුමක් ශ්‍රී ලංකා බලශක්ති ඉතිහාසය තුළ ක්‍රියාත්මක වන ප්‍රථම වතාව මෙය වීම ද විශේෂත්වයකි.

වත්මන් ආර්ථික වටපිටාව තුළ ඛනිජ තෙල් හා ඉන්ධන වැනි තාප බලශක්ති ප්‍රභවයන් මඟින් විදුලිය උත්පාදනය කිරීමේදී එක් විදුලි ඒකකයක්  සඳහා රුපියල් 115 ක අධික පිරිවැයක් වැය වන මුත්, මෙම නව BESS පද්ධති මඟින් විදුලිය උත්පාදනය කිරීම සඳහා වැයවන්නේ ඒකකයකට රුපියල් 30 ක් වැනි ඉතා අවම මුදලකි.

මෙමඟින් ඉන්ධන මඟින් විදුලිය නිපදවීම වෙනුවෙන් රජය මාසිකව වැය කරන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.6 ක අතිවිශාල විදේශ විනිමයක් රට තුළ ඉතිරි කරගැනීමට හැකිවන අතර, එහි සෘජු මූල්‍ය ප්‍රතිලාභය ඉදිරි කාලයේදී මෙරට පොදු විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල අඩු කිරීම සඳහා දායක කර ගැනීමට හැකිවනු ඇත.

පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිගේ අටමස්ථානාධිපති ධූරය අත්හිටුවයි - නව තනතුරට පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඤානතිලක හිමි

පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිගේ අටමස්ථානාධිපති ධූරය අත්හිටුවයි - නව තනතුරට පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඤානතිලක හිමි

මීට අමතරව, මෙම බැටරි පද්ධති ක්‍රියාවලියෙන් කිසිදු කාබන් විමෝචනයක් හෝ වායු දූෂණයක් සිදු නොවන බැවින් පාරිසරික හානිය ද අවම වේ.

දැනට ලෝකයේ බලවතුන් වන චීනය සිය සමස්ත බලශක්ති උත්පාදනයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම BESS තාක්ෂණයෙන් සිදුකරන අතර එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවල් ද මෙම හරිත තාක්ෂණය බහුලව භාවිත කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.