මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් සඳහා - හෙට සිට ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක්
නාරාහේන්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා මාර්ගගත (Online) ක්රමවේදය ඔස්සේ වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම හෙට (2) වැනිදා සිට යළි ක්රියාත්මක කිරීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ජනතාව උදෑසන සිටම දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවන තත්ත්වය අවම කරමින් වඩාත් කාර්යක්ෂම හා පහසු සේවාවක් සැපයීම මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණයි.
ඒ අනුව වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීම ඇතුළු සේවාවන් ලබාගැනීමට පැමිණීමට පෙර මාර්ගගත ක්රමවේදය ඔස්සේ වේලාවන් වෙන්කරවා ගන්නා ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.