විරෝධතාවක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්වයක්
සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට ඇතුලත් කරගැනීම සදහා පවත්වනු ලබන තරඟ විභාගය නොපවත්වන ලෙස ඉල්ලා සම සෞඛ්‍ය ශිෂ්‍ය එකමුතුව විසින් අද උදෑසන ලෝටස් වටරවුමේ සිට සෞඛය අමාත්‍යාංශය දෙසට පාගමනින් පැමිණ විරෝධතාවයක නිරත විය.
එහිදී සම සෞඛ්‍ය උපාධිධාරීන් සඳහා සය මාසික පුහුණුව නොලැබීමත්, රාජ්‍ය සේවයට යාම සඳහා වන ගැසට් පත්‍රය 2021 වර්ෂයේ සිට නැවැත්වීමත්, හෙද උපාධිදාරීන් රාජ්‍ය සේවයට බඳවා නොගැනීමත්, රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හා සම තැන ලබාදෙමින් පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සඳහාද රාජ්‍ය සේවයේ පිහිටුවීමත් යන කරුණු මුල් කොට ගනිමින් විරෝධතාවය සිදු කරන ලදී.
ඔවුන් තවදුරටත් කියා සිටියේ පසුගිය රජය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ලබා දෙන මෙරිට් නම් ලැයිස්තුවකට පමණක් රාජ්‍ය සේවයේ අවස්ථාව ලබා දුන්නද වත්මන් රජය විසින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවය මත පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සඳහාද රාජ්‍ය සේවය විවෘත කිරීමට කරන උත්සාහයට ඉඩ ලබා නොදෙන ලෙස ඉල්ලීම් කර සෞඛය අමාත්‍යවරයාට ලිපියක් භාර දෙන බවයි.
මෙම විරෝධතාවය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇති වී තිබේ.
මෙම විරෝධතාව සඳහා කොළඹ, ජයවර්ධනපුර, රුහුණ, යාපනය, පේරාදෙණිය ආදී විශ්වවිද්‍යාල කිහිපයකම උපාධි අපේක්ෂකයන් සහ උපාධි අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්වී සිටිනු දක්නට ලැබිණි.
මෙම උණුසුම් විරෝධතාවයේ උණුසුම් දසුන් පෙළක් පහතින් නරඹන්න,
