මෙච්චර වෙඩි තැබීම් !!! ඇමතිට විහිළුවක්...විකාර කියවයි
අද දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ ගත වූ මාස 7 තුළ වෙඩි තැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇති බවයි .
පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින සිට ඊයේ (08) දක්වා වූ කාලය තුළ සිදු වූ වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 52ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
මෙම වෙඩි තැබීම් වලින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලි වලින් සිදු කර ඇති අතර, වෙඩිතැබීම් 17ක් අනෙකුත් ඒවා වේ.
කෙසේ වෙතත් මේ වන විට වෙඩි තැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන බව ද අමාත්‍යවරයා මෙහි දී පවසා සිටියා.
පවතින පාතාල කටයුතු මර්ධනය කිරීම සදහා මේ වන විටත් රජය මගින ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ,පසුගිය 2022, 2023 සහ 2024 යන කාලය දෙස බැලීමේ දී අපරාධවල විශාල වර්ධනයක් සිදුව නොමැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
රජය විසින් මේ සම්බන්ධයෙන් ඉහළ තීන්දු ගෙන ඇති අතර, නව රජය බලයට පත්වීමෙන් අනතුරුව වෙඩි තැබීම්වල බරපතළ වර්ධනයක් ඇතැයි පිළිගත නොහැකි බව ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියා.
