රනිල්ගේ තුරුම්පුව සහ ගේම... නැවතත් සජිත් කැලේ... මාලිමාව බලයට

Report

කොළඹ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තරග වැද ජයග්‍රහණය කරන ලද කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පත් කිරීම ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් පත් කිරීම කල් යනු ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලුවක් මත මෙම තත්ත්වය උදාවී තිබේ.

නව පාප් වහන්සේ සහ සංක්‍රාන්තික ප්‍රජාව....ඇසෙන අලුත්ම කතාව

නව පාප් වහන්සේ සහ සංක්‍රාන්තික ප්‍රජාව....ඇසෙන අලුත්ම කතාව

කෙසේ වෙතත් මෙම නවතම තත්ත්වය ජාතික ජනපද වේගයට වාසි සහගත වෙමින් තිබේ. ඊට හේතු වී ඇත්තේ දැනට කිසිවෙකු බහුතර බලය ජයග්‍රහණය කර නැති කොළඹ මහ නගර සභාවේ විපක්ෂයට බලය පිහිටුවීමට සඳහා එක්සත් ජාතික පක්ෂයට හිමි ආසන දහතුන අතිශය තීරණාත්මක වීමයි.

නමුත් ජාතික ජනබල වේගයට ආසන හතළිස් අටක් ජයග්‍රහණය කර තිබීම මත ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ සහාය අත්‍යවශ්‍ය නොවේ.

ස්ත්‍රී දුෂකයා අපිට එපා - පුත්තලම ජනතාව විදී බසී (PHOTO)

ස්ත්‍රී දුෂකයා අපිට එපා - පුත්තලම ජනතාව විදී බසී (PHOTO)

කොළඹ මහ නගර සභාවේ සමස්ත මන්ත්‍රී ධූර 117ක් තිබේ. සභාවේ බලය ලබා ගැනීම සඳහා ඉන් ආසන 60ක් ජයග්‍රහණය කළ යුතු ය.

මෙවර ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට හිමි වූයේ, ආසන 48ක් පමණි. සමගි ජන බලවේගයට ආසන 29ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 13ක් ද හිමිව තිබේ.

ඊට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 04ක්, ස්වාධීන කණ්ඩායම අංක 03ට මන්ත්‍රී ධූර 03ක් සහ සර්ව ජන බලය පක්ෂයට ආසන 02ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ අංක 05 ආසන 02 බැගින් දිනා ගෙන තිබේ.

ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ මෙන් ම ස්වාධීන කණ්ඩායම 01 සහ දෙක 02 මන්ත්‍රී ධූරය බැගින් දිනා ගැනීමට සමත් විය.