උසස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම් - පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් නිවේදනයක්
උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම් ලබා දී ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව පොලිස්පතිවරයා විසින් අදාළ ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි.
ඒ අනුව පොලිස් අධිකාරිවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇති අතර ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට ද ස්ථානමාරුවීම් සහ පත්වීම් ලබා දී ඇත.
එමෙන්ම සේවා අවශ්‍යතා මත මෙම පත්වීම් සහ ස්ථානමාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.