පුරාවස්තු වාර්තාව ඉදිරිපත් කිරීම පුරාවිද්‍යා බලධාරීන් මගඇරලා

Report

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් පත්‍ර මගින් ප්‍රකාශයට පත් කරන ලද සහ ප්‍රකාශයට පත් නොකරන ලද පුරාවස්තු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මාසයක් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිර්දේශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ කෝපා කමිටුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ 2024 වසරේ වර්තමාන කාර්යසාධනය පිළිබඳව මෙහිදී කරුණු විමසා ඇත.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකරන ලද පුරාවස්තු පිළිබඳ දත්ත මෙතෙක් කාරක සභාව වෙත ලබා දී නොමැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව, ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකරන ලද පුරාවස්තු පිළිබඳ දත්ත, ඒවා මෙතෙක් ගැසට් නොකිරීමට හේතු සහ ඒවා ගැසට් කිරීමට යෝජිත කාලරාමුව ඇතුළත් වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.

නැවතත් විදුලි ගාස්තු සංශෝධනයක්? - මහජන උපයෝගිතා කොමිසමින් යෝජනාවක්

නැවතත් විදුලි ගාස්තු සංශෝධනයක්? - මහජන උපයෝගිතා කොමිසමින් යෝජනාවක්

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ලබා දී තිබූ පෙර නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.