මේ රටට පැය 48කට ඇඳිරි නීතිය - උණුසුම් තත්ත්වයක්
By Ashfa
නයිජීරියාවේ ජොස් නගරයේ ප්රදේශ කිහිපයකට පැය 48 ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා ඇත.
නයිජීරියාවේ ජොස් නගරයේ මත්පැන්හලකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තැබීමත් සමඟ හටගත් ගැටුම් හේතුවෙන් මෙම තීරණය එරට බලධාරීන් විසින් ගෙන ඇත.
එමෙන්ම වෙඩි ප්රහාරවලින් මේ වනවිට පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව එරට පොලිසිය විසින් තහවුරු කර ඇත.