රාජ්‍ය සේවයට නිලධාරීන් 7500ක් බදවා ගනී - රජයේ ගැසට් නිවේදනයට අනුව මැයි මසට පෙර ඉල්ලුම් කරන්න
ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වීම සදහා විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා පොලිසියෙන් නිකුත් කර ඇත.
ඒ අනුව,ශ්‍රී ලංකා පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට 2026.03.27 වන දිනැති රජයේ ගැසට් පත්‍ර අංක 2482 යටතේ, ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල්, පොලිස් කොස්තාපල් රියදුරු,නිලයන් සඳහා නවක නිලධාරීන්, නිලධරයන් 7500 ට බඳවා ගැනීමට නියමිතයි.
අයදුම්පත් යොමු කිරීම සඳහා www.police.lk ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියට පිවිස join us, Apply තුලින් අයදුම්පත්‍රය තෝරාගන්න අයදුම්පත් යොමු කිරීමේදී යම් ගැටළුවක් වෙතොත් පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ පහත සඳහන් දුරකථන අංක වැඩිදුර විස්තර දැන ගැනීමේ හැකියාව ඇත.
දුරකථන අංක :- පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය:- 011 2552736 011 2505202
2026.03.28 දිනැති රජයේ ගැසට් නිවේදන අංක 2442 මගින් අයදුම්පත් කැඳවා ඇති තනතුරු වලට අදාල මූලික සුදුසුකම්.
- පොලිස් කොස්තාපල් හා විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල් තනතුර
- මූලික සුදුසුකම්
* වයස -අයදුම්පත් භාරගන්නා අවසන් දිනට අවුරුදු 18-24 අතර විය යුතුය.
* අධ්‍යාපන සුදුසුකම් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ගණිතය, විද්‍යාව, සිංහල/දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ඇතුලුව විෂයයන් පහ (05) ක් සදහා සම්මාන සමාර්ථ සහිතව විෂයන් හය (06) කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් විම. හෝ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ගණිතය, සිංහල හෝ දෙමළ භාෂාව ඇතුලුව විෂයයන් පහ (05) ක් සදහා සම්මාන සමාර්ථ සහිතව අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විෂයයන් හය (06) කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වීම සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් එක් වරකදී විෂයයන් දෙකකින් සමත් විම
* කායික සුදුසුකම් උස අඩි 05 අඟල් 04 හෝ ඊට වැඩි විය යුතුයි. (සෙන්ටිමීටර් 162.56) පපුව අවම වශයෙන් හුස්ම නාල්ලා අඟල් 30 ක් විය යුතුය. (සෙන්ටිමීටර් 76.2)
* විවාහක අවිවාහක බව- අවිවාහක විය යුතුය.
- පොලිස් කොස්තාපල් රියදුරු හා විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල් රියදුරු තනතුර -
මූලික සුදුසුකම්
• වයස -අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 18-28 ත් අතර විය යුතුය.
• අධ්‍යාපන සුදුසුකම් අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් ගණිතය හා මාධ්‍ය භාෂාව ඇතුලුව දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන දෙකක් සහිතව විෂයන් 06 කින් සමත් වීම,
• කායික සුදුසුකම් උස අඩි 05 අඟල් 02 හෝ ඊට වැඩි විය යුතුයි. (සෙන්ටිමීටර් 157.48 ) පපුව අඟල් 30 හෝ ඊට වැඩි විය යුතුයි. (සෙන්ටිමීටර් 76) හුස්ම නාල්ලා
• විවාහක අවිවාහක බව- අවිවාහක විය යුතුය වෘත්තීය සුදුසුකම්
• සැහැල්ලු මෝටර් රථ හෝ බර වාහන පැදවීමේ වලංගු රියදුරු බලපත්‍රයක් ලබා තිබීම
- කාන්තා පොලිස් කොස්තාපල් හා විශේෂ කාර්ය බලකා කාන්තා පොලිස් කොස්තාපල් තනතුර
- මූලික සුදුසුකම්
• වයස -අයදුම්පත් භාරගන්නා අවසන් දිනට අවුරුදු 18-24 අතර විය යුතුය.
• අධ්‍යාපන සුදුසුකම් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ගණිතය, විද්‍යාව, සිංහල/දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ඇතුලුව විෂයයන් පහ (05) ක් සදහා සම්මාන සමාර්ථ සහිතව විෂයන් හය (06) කින් දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් විම. හෝ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ගණිතය, සිංහල හෝ දෙමළ භාෂාව ඇතුලුව විෂයයන් පහ (05) ක් සඳහා සම්මාන සමාර්ථ සහිතව අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විෂයයන් හය (06) කින් දෙවරකට නොවැඩි වාර ගණනකදි සමත් විම සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් එක් වරකදී විෂයයන් දෙකකින් සමත් විම.
• කායික සුදුසුකම් උස අඩි 05 අඟල් 01 හෝ ඊට වැඩි විය යුතුයි. (සෙන්ටිමීටර් 154.94)
• විවාහක අවිවාහක බව- අවිවාහක විය යුතුය.
ශ්‍රී ලංකා පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අභිමානය ඉදිරියට ගෙනයමින්, නීතිය හා සාමය සුරකින අතරම මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් තම ශක්තිය හා ධෛර්යය කැප කිරීමට සූදානම්, විනයගරුක සහ ක්‍රියාශීලී තරුණ තරුණියණියන්ට එක්වෙන ලෙස පොලිසිය නිවේදනය කර ඇත.