උණුසුම නිසා තත්ත්වය එන්න එන්නම දරුණු වේ - කොත්මලේ ජලාශයත් හිදේ

Report

කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් ඊයේ (30) උදෑසන 6 වන විට කොත්මලේ ජලාශයේ ජල මට්ටම 21.8%ක් දක්වා සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව ජලාශයේ පවතින සමස්ත ජල ප්‍රමාණය ඝණ මීටර් මිලියන 37.276ක් දක්වා අඩු වී තිබේ.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

පවතින තත්ත්වය හමුවේ ජලාශයේ ඉතිරිව ඇති ජලය විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමේ තීරණය ගනු ලබන්නේ ජල පාලක ලේකම් කාර්යාලය මගින් බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම, වියළි කාලගුණය හේතුවෙන් කොත්මලේ ජලාශයට ඉහළින් පිහිටි ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ද සැලකිය යුතු ලෙස බැස ගොස් ඇති බව වාර්තා වේ.

නැවතත් විදුලි ගාස්තු සංශෝධනයක්? - මහජන උපයෝගිතා කොමිසමින් යෝජනාවක්

නැවතත් විදුලි ගාස්තු සංශෝධනයක්? - මහජන උපයෝගිතා කොමිසමින් යෝජනාවක්