නැවතත් විදුලි ගාස්තු සංශෝධනයක්? - මහජන උපයෝගිතා කොමිසමින් යෝජනාවක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම පදනම් කරගනිමින්, විදුලි ගාස්තු යළි සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය විසින් එවැනි ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කළහොත්, මහජන උපයෝගිතා කොමිසම විසින් ඒ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කර මහජන අදහස් විමසීමෙන් අනතුරුව අවසන් තීරණය ලබා දීමට සලකා බලයි.

පොලීසියෙන් නව නීතියක් - මුළු ලංකාවටම වලංගුයි

පොලීසියෙන් නව නීතියක් - මුළු ලංකාවටම වලංගුයි

හෙට සිට විදුලි ගාස්තු ඉහළට: ගෘහස්ථ ඒකකයක මිල රුපියල් 5 සිට 85 දක්වා පරාසයකට හෙට සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසම ඊයේ (30) අවසර ලබා දී තිබේ.

ඒ අනුව සියයට 4.3 සිට සියයට 25.3 දක්වා පරාසය තුළ ඒ ඒ කාණ්ඩ සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4.50 ක්ව පැවති ඒකක ගාස්තුව සියයට 4.3 කින් වැඩි කර ඇති අතර එහි නව ගාස්තුව රුපියල් 5 කි.

ඒ අනුව එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව රුපියල් 230 කි. ඒකක 31 සිට 60 දක්වා රුපියල් 8 ක්ව පැවති ඒකකයක ගාස්තුව සියයට 6.9 කින් ඉහළ නංවා ඇති අතර එහි නව ගාස්තුව රුපියල් 9 කි.

එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව රුපියල් 630 ක් වේ. ඒකක 61 සිට 90 දක්වා රුපියල් 18යි ශත 50 ක්ව පැවති ඒකකයක ගාස්තුව ද සියයට 6.9 කින් ඉහළ නංවා ඇති අතර ඒකකයක නව ගාස්තුව රුපියල් 20 කි.

එහි උපරිම විදුලි ගාස්තුව රුපියල් 1,840 කි. ඒකක 91 සිට 120 දක්වා රුපියල් 24 ක්ව පැවති ඒකකයක ගාස්තුව සියයට 7.2 කින් ඉහළ නංවා ඇති අතර එහි නව ගාස්තුව රුපියල් 28 කි.

ඒ අනුව එම කාණ්ඩයේ උපරිම විදුලි ගාස්තුව රුපියල් 3,280 ක් වේ. ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ රුපියල් 41 ක්ව පැවති ඒකකයක ගාස්තුව ද සියයට 7.2 කින් ඉහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 44ක් ලෙස වාර්තාවේ.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

එම කාණ්ඩයේ උපරිම විදුලි ගාස්තුව රුපියල් 6,420 කි. ඒකක 180 ට වැඩි කාණ්ඩයේ රුපියල් 61 ක්ව පැවති ඒකකයක ගාස්තුව සියයට 25.3 කින් ඉහළ නංවා ඇති අතර එහි ඒකකයක නව ගාස්තුව රුපියල් 85 කි.

කෙසේ වෙතත් මෙම ගාස්තු සංශෝධනය යටතේ මාසික විදුලි පරිභෝජනය ඒකක 180 ට වඩා අඩු ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා විදුලි ගාස්තුව ඉහළ නොදැමීමට තීරණය කර තිබේ.

මාසික විදුලි පරිභෝජනය ඒකක 180 ට වඩා වැඩි ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා සියයට 9.6 කින් ගාස්තු වැඩි කෙරෙනු ඇත. එමෙන්ම කර්මාන්ත අංශය සඳහා සියයට 8.7 ක් ද, හෝටල් අංශය සඳහා සියයට 9.9 ක් ද, රාජ්‍ය ආයතන සඳහා සියයට 14.4 ක් ද වශයෙන් ගාස්තු ඉහළ නංවා ඇති අතර පොදු කාර්ය පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය සියයට 8 කි.