මොහු ගැන යම් තොරතුරක් වෙතොත් වහාම දැනුම්දෙන්න - ඉල්ලීමක්
ඉකුත් 2026 මාර්තු මස 23 වන දින කොහුවල කළුබෝවිල පීරිස් මාවත ප්‍රදේශයේදී චීන ජාතික කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව පළා ගොස් සැඟව සිටින ප්‍රධාන සැකකරු සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජන සහාය ඉල්ලා සිටින බව වාර්තා වේ.
ඒ අනුව පොලිස් වාර්තාවලට අනුව, කොහුවල පොලිස් වසමට අයත් නිවාස සංකීර්ණයක කුලියට ගත් නිවසක් තුළ පදිංචිව සිටි අදාළ කාන්තාවට පිහියකින් ඇන මෙම ඝාතනය සිදු කර ඇත.
එසේම අඳාළ අපරාධය සම්බන්ධයෙන් පොලිසිය විසින් සොයමින් පවතින සැකකරු වං හුයින් (Wang Huiyin) නමැති චීන ජාතිකයෙකු වන බවත්, ඔහු ඝාතනයට ලක්වූ කාන්තාවගේ හිටපු පෙම්වතා බවත් මේ වන විට විශ්වාස කරන බව සඳහන්.
ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ ජනප්‍රියතම ක්‍රීඩකයෙක් වූ ටයිගර් වුඩ්ස් සිරගත කරයි - හේතුව මෙන්න
2000 වසරේ ජුනි මස 01 වන දින උපත ලබා ඇති අඳාළ පුද්ගලයා, EE6791329 සහ ER3805969 යන විදෙස් ගමන් බලපත්‍ර අංක භාවිත කරන අයෙකු බවට තොරතුරු හෙළිව ඇත.
තවද, ඔහුව හඳුනාගැනීම සඳහා විශේෂිත සලකුණක් වශයෙන් සැකකරුගේ වම් අතේ ඇඟිලිවල මැහුම් යෙදූ තුවාලයක් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිය පෙම්වතිය හා අමනාපවීමෙන් අනතුරුව ඇය වාසය කළ නිවාස සංකීර්ණය යාබද නිවසක පදිංචිවී සැලසුම්සහගත ආකාරයට පෙම්වතිය වාසය කරන නිවාස ඒකකයට පැන පිහියකින් ඇන පෙම්වතිය ඝාතනය කර තිබූ අතර එහි රැඳී සිටි තවත් චීන ජාතිකයෙකුට තුවාල සිදුකර පළාගොස් තිබෙනවා.
තුන්කොන් ප්‍රේමයක ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක කරන බව සඳහන්.
ඒ අනුව මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු වෙතොත් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා සිටින ලෙස ඉල්ලයි. එමෙන්ම රතුපැහැති ටීෂර්ටය ඇඳ සිටින මෙම පුද්ගලයාගේ ඡායාරූපයක්ද පොලිසිය ප්‍රසිද්ධ කර ඇති බව වාර්තා වේ.